පළමු පාසල් වාරය ඇරඹේ

ජන 02, 2020

    සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) ආරම්භ වෙයි.

    2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමුඅදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 84න් ඇමුණුම 01 හි සඳහන් පාසල් 47 ක් පමණක් සම්පූර්ණයෙන් වසා 2019.12.26 සිට 2020.01.04 දක්වා ඇගයීම් කටයුතු සිදුකර පළමු පාසල් වාරය සඳහා එළඹෙන 06 (සඳුදා) දින විවෘත කරනු ලැබේ.

    ඇමුණුම 02 හි සඳහන් අනෙකුත් පාසල් 37 හි කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලබන අතර මෙම පාසල්, පළමු පාසල් වාරය සඳහා අද විවෘත කරනු ලැබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 07:11

    Latest News