පාසල් වාරය මැද ගුරුමාරු අත්හිටුවයි

පෙබ 20, 2020

    විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම සළකා බලා පාසල් වාරය මැද ගුරු මාරු කිරීම් තාවකාලිකව අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනූව මේ වර්ෂයට අදාළ ගුරු මාරුවීම් ක්‍රියාත්මක දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය කියා සිටින්නේ. සිසුන්ගේ ඉගෙනුම ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන ලෙස ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් විසින් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම සළකා බලා සියලුම ජාතික පාසල්වල වාර මැද සිදුකරන ගුරු මාරු තාවකාලිකව අත්හිටවූ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    කෙසේ වෙතත් මේ හේතුවෙන් ගුරු මාරු මණ්ඩලවල රැස්වීම නතර කිරීමක් සිදු නොවේ. ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරුවීම් සඳහා නව විද්‍යුත් යෙදවුමක් හඳුන්වාදීමට ද නියමිතයි. එමගින් ගුරුවන්ට වඩාත් පහසුවෙන් හා ක්‍රමවත්ව අන්තර්ජාලය තුළින් තමන්ගේ ගුරු ස්ථාන මාරුව පිළිබඳ විනිවිදභාවයෙන් යුතුව තොරතුරු යාවත්කාලීන කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 පෙබරවාරි 2020 09:10

    Latest News