ශ්‍රේණි 3ක ඉගැන්වීම් අද ඇරඹේ

ජූලි 27, 2020

    රජයේ පාසල් 11,12,13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ක්‍රියාත්මකයි.

    අධ්‍යයන කටයුතු අද සිට ක්‍රියාත්මකයි. අධ්‍යපන අමාත්‍යාංශ දැනුම් දී ඇත්තේ, උදේ 7.30ට ආරම්භ කෙරෙන ඉගැන්වීම් කටයුතු සවස 3.30 දක්වා සිදු කළ යුතු බවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණු පාසල් අධ්‍යන කටයුතු අදියර කිහිපයක් යටතේ, ආරම්භ කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    11,12,13 ශ්‍රේණි හැරුණු විට සෙසු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙන්නේ, අගොස්තු 10 වැනි දිනයි. සිසුන් ඇතුළු සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට, අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර තිබේ. 11,12,13 ශ්‍රේණිවල සිසුන්ගේ පැමිණීම අද ඉහළ මට්ටමක පැවති බව, අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, මුව ආවරණ පැළඳීම සහ පන්තිකාමරවලට ඇතුල්වීමට පෙර දෑත් සේදීමේ පහසුකම් ද සෑම පාසලකම සලසා තිබේ. මැතිවරණ කටයුතුවලට යොදා ගැනෙන පාසල්වල විදුහල්පතිවරුන් හා නියෝජ්‍ය විදුහල්පතිවරුන් හෙට සිට ලබන 31 දක්වා වන දිනයන්හි පාසලේ රැඳී සිටිය යුතුයි. මෙම කාලසීමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන පරිදි සහකාර කොමසාරිස්වරුන් සමග සාකච්ජා කර මැතිවරණ ක්‍රියාවලිය සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.

    Last modified on සදුදා, 27 ජූලි 2020 10:40

    Latest News