මාස 3කට පසු පාසල් යළි විවෘත වේ

ජූනි 29, 2020

    කොවිඩ් 19 වෛරස ව්‍යප්තිය හේතුවෙන් වසාදැමුණු පාසල් මාස 03 කට පසුව නැවතත් අද සිට විවෘත කෙරුණා.

    ඒ අනුව පළමු අදියර යටතේ පාසල් කටයුතු සඳහා සූදානම් වීම සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් අද පාසල්වලට කැඳවනු ලැබුවා.

    දෙවන අදියර යටතේ සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ජුලි මස 06 වනදා ආරම්භ කිරීමට නියමිතයි. එහිදි 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක් පාසලට කැඳවීමට නියමිතව තිබේ.

    Latest News