ජාතික පාසල් 1,000 දක්වා ඉහළ..Z-Score ක්‍රමවේදයේ වෙනසක්

දෙසැ 12, 2019

    පාසල් පද්ධතිය තුළ ජාතික පාසල් සංඛ්‍යාව 1,000ක් ලෙස වර්ධනය කිරීමටත් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නව ත්‍රෛභාෂා පාසල් පිහිටුවීමටත් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් ලෙස අනුමත කර තිබේ.

    ඒ අනූව, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පහසුකම්වලින් අංග සම්පූර්ණ පාසල් තුනක් බැගින් සංවර්ධනය කර එම පාසල් ජාතික පාසල් ලෙස උසස් කිරීමට නියමිතයි. එමෙන්ම, ඉදිරි වසර දෙකක කාලය තුළ දී ත්‍රෛභාෂා ඉගෙනුම් අවශ්‍යතා සහිත ජාතික පාසල් ආරම්භ කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

    මේ අතර විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමේ දී ඉසෙඩ්කෝ ක්‍රමවේදයේ දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට නිර්දේශ ඉදිරිපත් කිරීමට  අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රවීනයන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 14:40

    Latest News