පාසල අහිමි දරුවන් ගෙට්ටු මුරකරුවන් වී

ජන 16, 2020

    පොළොන්නරුව,ඇළහැර,බකමූණ මහසෙන් කනිෂ්ඨ විද්‍යාලයේ පළමු වසරට දරුවන් පස් දෙනකු ඇතුළත් කර නොගත්තේයැයි, චෝදනා කරමින් දෙමව්පියන් සහ කුඩා දරුවන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.

    පාසල් පෝෂණ ප්‍රදේශයේ පදිංචිව සිටින සහ රණවිරුවන්ගේ දරුවන් මෙසේ පාසලට ඇතුළත් කර නොගත් බව විරෝධතාකරුවන් ප්‍රකාශ කළේය.

    පසුව බකමූණ පොලිසියේ නිලධාරීන් මැදිහත්වී මෙම දරුවන් පස් දෙනාට සහ දෙමව්පියන් පස්දෙනාට විදුහල්පතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාවක් ලබාදුන්නේය. එහි මුරකරු හරහා විදුහල්පතිවරයා දැනුම් දී සිටියේ එම සාකච්ඡාවලට මාධ්‍යවේදීන්ට ඇතුළත් වීමට ඉඩ නොදෙන බවයි.

    කෙසේ වෙතත් මෙම සාකච්ඡා ද අසාර්ථක වූ බවයි, දෙමව්පියන් ප්‍රකාශ කළේ. එම නිසා තම දරුවන් පාසැලට ඇතුලත් කරගන්නා තුරු මෙම විරෝධතාවය පාසල ඉදිරිපිට පවත්වාගෙන යන බව එහි සිටි දෙමව්පියන් ප්‍රකාශ කළේය.

    bakamuna pasala07

    bakamuna pasala06

    bakamuna pasala03

    bakamuna pasala02

    bakamuna pasala05

    Last modified on බ්‍රහස්පතින්දා, 16 ජනවාරි 2020 16:00

    Latest News