මත්උවදුර ගැන සොයා බැලීමට ආණ්ඩුකාරවරයා පාසලකට

මාර් 03, 2020

    පාසල් ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිර යන මත් උවදුර සම්බන්ධයෙන් සොයා බැලීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා ඊයේ පේරාදෙණියේ පිහිටි විද්‍යාලයකට පැමිණියේය.

    මත්උවදුර සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම උවදුර සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනූවයි, ආණ්ඩුකාරවරයා මෙම පාසලට පැමිණියේ.

    එහිදී, එම විදුහලේ විදුහල්පතිවරයා හා ගුරුභවතුන් සමග විශේෂ සාකච්ජාවක් සිදු කෙරිණ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බව ද මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය. මධ්‍යම පළාත තුළ සීඝ්‍රයෙන් පැතිර යන මත්උවදුර සඳහා තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංකයක් ද මේ වන විට හඳුන්වා දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 10:38

    Latest News