සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය අද කොළඹ දිසා අධිකරණය හමුවේ ප්රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ 2020 කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා අජිත් පී පෙරේරා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා යන මන්ත්‍රීවරු පත් නොකෙරෙන බව, පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඔවුන් පක්ෂ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත එම පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි යන ස්ථාවරයෙහි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ (18) සිදු කරන ලදී.

එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීමට අදාළ නඩුවේ තුන්වන විත්තිකරු පොලිසියට ලබාදී ඇති පාපොච්චාරණය ඔහු විසින් ස්වෙච්ඡාවෙන්ම ලබාදී ඇති එකක් යැයි කොළඹ මහාධිකරණය අද(29) තීන්දු කර තිබේ.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය විසින් රට ගැන සිතා අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නව ජනාධිපතිවරයෙකු තෝරාපත් ගැනීමේදී ජනතාව නිවැරදිම තීරණය ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කරයි.

එකතුවෙලා, එකට ශක්තිමත් වෙලා.සියලු දෙනාගෙ ශක්තියෙන් ගොඩ එන්න ඕන.අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන, අපි වැරදි හදාගන්න ඕන.

Latest News