ෆෝන්සේකාගේ වරාණ නියෝගයට විරෝධතා

මාර් 04, 2024
    සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතා ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගය අද කොළඹ දිසා අධිකරණය හමුවේ ප්රකාශ කළා.

    ඒ සරත් ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සමක් අද කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී.

    සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම විරෝධතා මතුකළා.
     
    ඒ අනුව මෙම විරෝධතා පිළිබඳ විභාගය අද පස්වරුවේ පැවැත්වීමටද අධිකරණය විසින් නියම කරනු ලැබුවා.
     
    සරත් ෆොන්සේකා මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරු වෙත මෙම වාරණ නියෝග නිකුත් කර තිබුණා.

    Latest News