රනිල් නායකත්වයෙන් යවන සටනට ෆොන්සේකා එක් වෙයි

ජන 16, 2020

    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුයි යන ස්ථාවරයෙහි සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

    එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හැටකට අධික ගණනක් අතරින් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට සිටින්නේ 12 - 13ක් අතර පිරිසක් බව ඔහු කියා සිටි.

    සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (15) මේ බව කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා......

    "වර්තමාන නායකත්වට අවුරුදු 25ක් දැන්. එතුමා යා යුතුයි කියන මතයේ මං පුද්ගලිකවත් ඉන්නවා. මන්ත්‍රීලා ඉන්නවා හැට ගාණක්. එයින් මං හිතන්නේ 12ක් 13ක් විතර කියනවා එතුමා ඕනේ කියලා. අනිත් ඔක්කොම කියන්නේ නායකත්වය මාරු වෙන්න ඕනේ, එතකොට සජිත් ප්‍රේමදාස තමයි විකල්පය කියලා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

    Latest News