සියලු සමෘද්ධි ලාභීන්ට අත්තිකාරම් මුදල් සදුඳා (වීඩියෝ)

අප්‍රේ 03, 2020
  • ඉල්ලුම්කර ඇති සියලුම සමෘද්ධි ලාභීන්ට අත්තිකාරම් මුදලේ පළමු වාරිකය ලබන සදුදා වන විට ගෙවා අවසන් කිරීමට අපේක්ෂා කරන බව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ බන්දුල තිලකසිරි මහතා මේ බව සඳහන් කළේය.

    සමෘද්ධි හිමිකම් ලබන සංඛ්‍යාව 17 ලක්ෂ 98,655ක්. 6 ලක්ෂ 339 දෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටින අතර, ලේඛන ගත මුළු සංඛ්‍යාව 23 ලක්ෂ 98,994ක්. සමෘද්ධි ව්‍යාපාරය මගින් මේ වන විට සමෘද්ධි ලාභීන් 15 ලක්ෂ 222කට පමණ අත්තිකාරම් මුදල ලෙස රුපියල් 5000 බැගින් වූ පළමු වාරිකය ලබා දී තිබේ. ඒ සමෘද්ධි බැංකු 1073ක් මගින්.

    සමෘද්ධි නිලධාරීන් මේ ව්‍යසන අවස්ථාවේදී ද, නිවෙස් වෙතම ගොස් මෙම ප්‍රතිලාභ ලබා දෙන්නේ ඉතා වගකීමෙන් සහ කැපවීමෙන් යුතුවයි.

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 19:34

    Latest News