සමෘද්ධි කළමණාකරුවන්ගේ නොවිසදුනු ගැටලු රැසකට පවිත්‍රාගෙන් විසඳුම්

දෙසැ 28, 2019

    සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ නොවිසදුනු ගැටලු රැසකට කඩිනම් විසදුම් ලබාදිමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ ක්‍රියා කළේය.

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ සංගමයේ නොවිසදුනු වෘත්තීය ගැටලු විසදා ගැනීමේ අරමුණින් ඊයේ පැවති සාකච්ඡාවකින් පසු මෙම විසඳුම් ලැබි තිබේ.

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි කළමණාකරුවන්ගේ නොවිසදුනු ගැටලු රාශියක් මෙහිදී සාකච්ඡාව කෙරිණ. සමෘද්ධි ඇමතිනිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සමෘද්ධි කළමණාකරුවන් 5 ශ්‍රේණි උසස්වීමක් ලබාදුන් බවත්, ඉන් පසු කිසිදු ගැටලුවකට සාර්ථක විසඳුම් නොලැබුන බව සමෘද්ධි කළමණාකරුවන් පෙන්වා දුනි.

    වසර 10 ක සේවා කාලයක් ඉක්මවා ඇති MN-4 සමෘද්ධි කළමණාකරුවන් MN-7 තනතුරට උසස් කිරිමටත්, ඒ සදහා කම්ටුවක් පත් කොට නිසි ක්‍රමවේදයක් සකස් කර අනුමත ක්‍රියාවලියකට උසස්වීම් ලබාදිමට නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණ. පුර්ණ විශ්‍රාම වැටප් හිමිකම් ලැබීම සදහා ETF මුදලින් ගෙවිය යුතු සියයට 60 ක මුදලින් පොලිය හැර මූලික මුදල පමණක් අය කිරීම පිළිබද සකච්ඡා කෙරිණ. ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසිය.

    සේවා කාලය සමග දෙපාර්තමේන්තු ගත වූ සමෘද්ධි සේවකයින් සදහා හිඟ වැටුප් ලබාදිම, සමෘද්ධි කළමණාකරුවන් සදහා ගමන් වියදම් ලබාදීම පිළිබදව ද සාකච්ඡා කෙරුණ අතර හිඟ වැටුප් ගණනය කර වාර්තාවක් ලබාදෙන ඉල්ලා සිටියාය.

    Latest News