2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 36ක ට අධික වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කළ චෝදනා පවත්වාගෙන යා නොහැකි බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළා.

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 ක බැදුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මූලික විරෝධතා මතු කෙරණා.

2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකුවලට බලපෑම් කිරීම තුළින් රුපියල් බිලියන 35 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය නීතිවිරධී බව සඳහන් කරමින් ඉදිරිපත් වී ඇති මූලික විරෝධතා පිළිබඳ විභාගය නොවැම්බර් මස 19 වනදා සිදු කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලැබූ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 6 වන දා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 25 වන දා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනාට පිටස්තර කිසිදු පුද්ගලයකු මුණ ගැසීමට අවස්ථාවක් හිමි නොවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

2014 වසරේ ඔක්තෝබර් මස 21 වනදා වරාය පරිශ්‍රයට අයුතු ඇතුල්වීමක් කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටි එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු හය දෙනා නිදොස්කොට නිදහස් කෙරිණ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කළ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, උපනායක රවී කරුණානායක, භාණ්ඩාගාරික දයා ගමගේ යන මහත්වරුන්ට මෙවර සිය මන්ත්‍රී ධූර අහිමිවිය.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Latest News