අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල කල් යයි.

Update : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

Update - කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

රංජන් රාමනායක මහතාගේ හඩ පටවලින් අනාවරණය වන කරුණු සම්බන්ධයෙන් අගනිවිසුරුවරයා කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මතභේදාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පුද්ගලයින් සහ සමාජ ජාල ඔස්සේ සංසරණය වන දුරකථන සංවාද ඇතුළත් හඞ පට පොලීසිය විසින් මුදාහැර ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

UNPපා.ම. රංජන් රාමනායක මහතා බලපත්‍රය කල් ඉකුත් වූ ගිණි අවියක් ලඟ තබා ගැනීම නිසා පොලිසිය මගින් අත්අඩංගුවට ගනී.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද දින අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි තිබේ‍. ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලයේ දීය.

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලක් අප්‍රේල් මස 3 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Latest News