Update : පා.ම. රන්ජන් රාමනායක ලබන 26 තෙක් යළි රිමාන්ඩ් (වීඩියෝ)

පෙබ 12, 2020
  • Update : පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 

    පා.ම. රන්ජන් රාමනායක අධිකරණයට - (16:00)

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) යළි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

    ඒ ඔහුට එරෙහිව එල්ලවී ඇති අධිකරණ කටයුතුවලට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළ නඩු විභාගය සඳහා සහභාගී වීමට බවයි වාර්තාවන්නේ.

    අප වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා අද පස්වරු 01කට පමණ අධිකරණය හමුවට රැගෙන ආ බවයි.

    මෙම නඩුවට අදාලව රන්ජන් රාමණායක මහතාගේ කටහඬ පරීක්ෂාවක්ද මීට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ සිදුකරණු ලැබිණි.

    Last modified on බදාදා, 12 පෙබරවාරි 2020 20:06

    Latest News