රන්ජන්ගේ හඩපට ගැන CID විමර්ශන

ජන 08, 2020

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

    මතභේදාත්මක හඩපට රැසක් මාධ්‍ය වෙත නිකුත්ව ඇති අතර ඊට අදාළව පොලිසිය, අධිකරණ සේවා කොමිෂන් සභාව මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් විය.

    එම සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ණවලට අනූව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

    Last modified on බදාදා, 08 ජනවාරි 2020 11:48

    Latest News