රංජන්ගේ හඬපට ගැන රස පරීක්ෂක විමර්ශන ඇරඹේ

ජන 13, 2020

    මේ වන විට මාධ්‍යයට නිකුත් වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ මතභේදාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

    අදාළ දුරකථන සංවාද හා හඩපට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාරදී එහි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන හඬපට සම්බන්ධයෙන් මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කර තිබේ.

    මතභේදාත්මක හඩපට රැසක් මාධ්‍ය වෙත නිකුත්ව ඇති අතර ඊට අදාළව පොලිසිය, අධිකරණ සේවා කොමිෂන් සභාව මෙන්ම ජාතික පොලිස් කොමිසම වෙත ද පැමිණිලි ඉදිරිපත් විය.

    එම සිද්ධියට අදාළව සිදුකෙරෙන පරීක්ණවලට අනූව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද සිදුකළ ඉල්ලීමක් සලකා බැලූ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 08:30

    Latest News