Update : රංජන් රාමනායක අත්අඩංගුවට (වීඩියෝ)

ජන 04, 2020
  • UNPපා.ම. රංජන් රාමනායක මහතා බලපත්‍රය කල් ඉකුත් වූ ගිණි අවියක් ලඟ තබා ගැනීම නිසා පොලිසිය මගින් අත්අඩංගුවට ගනී.

    ඒ අද සවස සෝදිසි වරෙන්තුවක් මත ඒ මහතාගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුවයි.

    රන්ජන්ගේ මාදිවෙල නිවස පොලිස් සෝදිසි පරික්ෂාවක් - (19:00)

    හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් සෝදිසියට ලක්කරමින් පවතියි.

    නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (04) දහවල් බලාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරය‍ාගේ නිවස පරීක්ෂා කරන බව පොලිසිය කියයි. රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් මෙම පරික්ෂාවට අනුව මුලිකවේ.

    රජය අපහසුතාවයට පත්වන අන්දමේ මෙවන් සීඩී සහ දෘඩ තැටි එම නිවසේ තවදුරටත් සඟවා ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා කොළඹ දකුණ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් සොයා බැලුහ.

    Last modified on සෙනසුරාදා, 04 ජනවාරි 2020 20:15

    Latest News