QR Code එකට අද ඉන්ධන දෙන තැන්

ජූලි 23, 2022

    දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි අද (23) දිනයේදී තෝරා ගත් ඉන්ධන පිරවුම්හල්වලදී ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන ලබාදීම අත්හදා බලන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ඊයේ (22) දිනයේත් කොළඹ ස්ථාන දෙකකදී සාර්ථකව අත්හදා බැලූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළේය.

    Kanchcna

    පරීක්ෂණය අවසන් වූ පසු එය ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. අද දිනයේ ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන ලබාදීම සිදු කිරීමට නියමිත ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වේ.

    QR CODE TRIAL ILLANDWIDE

    Last modified on සෙනසුරාදා, 23 ජූලි 2022 11:29

    Latest News