පාස්කු ප්‍රහාරය ගැන මාධ්‍යවල පළවන වාර්තාගැන ජනපතිගෙන් නිවේදනයක්..

මැයි 30, 2019

    අප්‍රේල් මස 8වැනිදා පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති රැස්වීමේ දී අප්‍රේල් 21 පාස්කුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති දැනුවත් කළ බවට පළවල සියළුම දෙස් විදෙස් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයේ පරීක්ෂා කර බලා වාර්තා කිරීමට පත්කළ තේරීම් කාරක සභාවේ දී සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. එකී මාධ්‍ය වාර්තා මගින් කියැවෙන්නේ 2019 පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවයි.

    එමෙන් ම 2019 අප්‍රේල් 08 වැනිදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීම ද ජනාධිපතිතුමා විසින් කැඳවා තිබිණි. පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ජාවේ දී හෝ මෙවැනි ත‍්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරියකු ජනාධිපතිතුමා දැනුවත් කර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

     

    HE 900px 19 05 30

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 14:23

    Latest News