යළි තරගයට සූදානම් වූ ජනපතිට දැඩි විරෝධය

මාර් 09, 2019

    ජනාධිපතිවරණයට නැවත වරක් තරග කිරීමට ඇල්ජිරියාවේ වත්මන් ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග දැඩි විරෝධතාවක් හට ගෙන තිබේ.

    ජනාධිපතිවරයාට එරෙහිව පැවති විශාලතම විරෝධතා ව්‍යාපාරය මෙය බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. විරෝධතා, ඇල්ජීරියා අගනුවර හා තවත් නගර රැසක පැවතිණ. දැනට සිව්වතාවක් ජනාධිපති ධුරය හොබවා ඇති අබ්දෙල්ලාසිස් බෞටෙෆ්ලිකා, පස්වැනි වතාවටත් තරග කරන බව, පසුගිය මාසයේ නිවේදනය කිරීමත් සමග මෙම විරෝධතාව එල්ල විය. 82 හැවිරිදි ජනාධිපතිවරයා ඉතා අයහපත් සෞඛ්‍ය තත්වයක පසුවන බවයි, වාර්තා වන්නේ. ඔහු, පසුගිය සමයේ රාජකාරී කටයුතුවලට මැදිහත්වී ඇත්තේ, ඉතා අල්ප වශයෙන්.

    මේ වන විටත් ඔහු රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බවයි, වාර්තා වන්නේ. ඔහු 1999 සිට එරට ජනාධිපති ධුරය හොබවන අතර, විශාල ජනප්‍රසාදයක් හිමි නායකයෙක් ද වෙයි. ඔහු එරට නිදහස් සටනේ කැපී පෙනෙන චරිතයක් ද වන අතර, ඉතා බුද්ධිමත් නායකයෙක් ලෙස සැලකේ.

    Last modified on සෙනසුරාදා, 09 මාර්තු 2019 13:12

    Latest News