පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද සිට මාස 03ක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.
නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සොයා ගන්නා පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබ දෙන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.
වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පොලිස් නිලධාරීන් 2,626 දෙනෙකු දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා තිබෙනවා.
අද පැවැත්වෙන මැයි දින පෙළපාලි හා රැස්වීම් හේතුවෙන් පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
කලහකාරී, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
වැල්ලවාය, පොලිස් ස්ථානයේ නිලධාරීන් 17 කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
පනවා ඇති සංචරණ සීමා උල්ලංඝණය කරන්නේදැයි සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
සපුගස්කන්ද,මීගහවත්ත පොලිස් ස්ථානයේ නිලධාරියෙකු ආසාදිතයෙකු වීම හේතුවෙන් තවත් නිලධාරීන් 41 දෙනෙක් පී සී ආර් පරීක්ෂණයට ලක් කෙරිණ.
පන්නිපිටිය ප්‍රදේශයේ දී ලොරි රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනම් කෙරුණු පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය බන්ධනාගාර රැදවූවන් පස්දෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. පොළොන්නරුව, ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන් පළාගොස් ඇත්තේ අද (31) අලුයමයි.