සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට අද සිට මාස 03ක සේවා දිගුවක් ලබාදී තිබෙනවා.
නීති විරෝධි ගිනි අවි සහ අත්බෝම්බ සොයා ගන්නා පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන්ට ලබ දෙන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා.
වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වල පොලිස් නිලධාරීන් 2,626 දෙනෙකු දෙමළ භාෂා පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරා තිබෙනවා.