මේ වසරේ ගතවු කාලය තුළ බලපත්‍ර නොමැතිව විදේශ රැකියා ලබා දීමේ ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 60 කට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් නිලධාරීන් විදේශ ගතවීමට උත්සාහ කළොත් CIDය දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

මාර්ග නාම පුවරුවලින් දමිළ නම ඉවත් කිරීම හා හානි කිරීම පිළිබඳව කඩිනමින් විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොලිසියට උපදෙස් දී තිබේ.

කාන්තන්කුඩි කළපුවට යාබද කුඩා වැවක මසුන් ඇල්ලීමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා 60, 000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා.

රාජ්‍ය බුද්ධි සේවය විශේෂ වාර්තාවක් ජනපතිට ලබා දී ඇතැයි සමාජ මාධ්‍යවල පළ වී ඇති පුවත සම්පූර්ණ අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

දිවයින පුරා ඇති ඡන්ද පොළවල් 12,856 ක් සඳහා එක් ඡන්ද පොළකට නිළධාරීන් දෙදෙනකු බැඟින් රාජකාරියේ යෙදවීමට නියමිතයි. එම යෙදවෙන නිළධාරින් දෙදෙනා බහුතරයක් ඡන්ද පොළවල් සඳහා පිරිමි නිළධාරීන් දෙදෙනෙක් වශයෙන් ද, ඇතැම් ඡන්ද පොළවල් සඳහා කාන්තා නිළධාරිනියක් සහ පිරිමි නිළධාරියෙක් ද වශයෙන් රාජකාරියේ යෙදවේ. ඒ අනුව, 12,856 ක ඡන්ද පොළවල් සඳහා රාජකාරියේ යෙදවෙන මුළු පොලිස් නිළධාරීන් ගණන 25,712 කි.

දංකොටුව කටුකෙන්ද මංසන්ධියේ මාර්ග බාධක රාජකාරියේ යෙදීසිටි පොලිස් නිලධාරින්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව දෙසට ධාවනයවූ ලොරි රථයක් නැවැත්වීමට සංඥා කළ ද එය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

Latest News