හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනෙක්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි.

රටේ පවතින කොවිඩ් 19 තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා රජය අවශ්‍ය‍ පියවර ගෙන ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

කන්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පීසීආර් පරීක්ෂණ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීමත් ඊයේ රාත්‍රී සිදු කෙරිණ.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා නවතම වෛද්‍ය රසායනාගාරයක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් 141 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණවලින් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොවිඩ් - 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය - පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර තිබේ.

දිනකට PCR පරීක්‍ෂණ 500 ක්‌ සිදු කළ හැකි විද්‍යා රසායනාගාරයක්‌ අද විවෘත කෙරුණා.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ පිරිස් සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක පරීක්ෂණවලට අවශ්‍ය නියැදි ලබා ගැනීම අදත් සිදු කෙරේ.

ඊයේ වන විට, PCR පරීක්ෂණ 50,000කට අධික සංඛ්‍යවක් සිදු කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌, විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි. 

Latest News