කොවිඩ් හඳුනාගැනීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක්..

ජූලි 02, 2020

    කොවිඩ් - 19 හඳුනාගැනීම වේගවත් කිරීමට සම්පූර්ණ ස්වයංක්‍රීය PCR යන්ත්‍රයක් අන්තර්ජාතික රොටරි සමාජය රජයේ වෛද්‍ය - පර්යේෂණ ආයතනයට පරිත්‍යාග කර තිබේ.

    PCR යන්ත්‍රය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුවත් කිරීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණ.

    සම්පූර්ණ ස්වයංක්‍රීය නව PCR යන්ත්‍රයේ වටිනාකම රුපියල් දෙකෝටි විසිලක්ෂය ඉක්මවයි. එමඟින් පර්යේෂණවල දී මුහුණපාන මානව සම්පත් හිඟය මඟහැරවීමට හැකිවීම විශේෂත්වයකි.

    වේගවත් බව, ඉහළ නිරවද්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩිකිරීමට ද නව යන්ත්‍රයට හැකි බව වෛද්‍යවරු පවසති. ඉදිරියේදී මුහුණ පෑමට සිදුවිය හැකි වෙනස් ආකාරයක වෛරසයක් හඳුනාගැනීමට ද නව PCR යන්ත්‍රය යොදාගත හැකිය.

    කොවිඩ් මර්දනය උදෙසා වෛද්‍ය පර්යේෂණ උපකරණ සහ පහසුකම් සැපයීමට රොටරි සමාජය රුපියල් කෝටි 12කට අධික පරිත්‍යාග කර තිබේ. ඒ පිළිබඳව ජනාධිපතිතුමා රොටරි සමාජයේ නියෝජිතයන්ට සිය ස්තූතිය පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 11:18

    Latest News