ශ්‍රී ලංකාව තුළ 45,000 කට ආසන්න PCR‌ පරීක්‍ෂණ සිදු කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්‌ විශේෂඤ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි.

කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පීසීආර් පරික්ෂණ 35,323ක් මේ වන විට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඊයේ පීසීආර් පරීක්ෂණ 1,821ක් සිදුකර තිබේ. එය දිනක් තුළ සිදුකරන ලද වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවයි.

දිනකට සිදුකරන පී.සී.ආර්.පරීක්ෂණ 6000 දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍ය අංශය පවසයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ දිනයේ දී පමණක් පී.සී.ආර් පරීක්ෂණ 1400ක් පමණ සිදුකළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Latest News