දිනකට PCR පරීක්‍ෂණ 500 ක්‌ සිදු කළ හැකි විද්‍යා රසායනාගාරයක්‌ විවෘතයි (වීඩියෝ)

ජූනි 24, 2020
  • දිනකට PCR පරීක්‍ෂණ 500 ක්‌ සිදු කළ හැකි විද්‍යා රසායනාගාරයක්‌ අද විවෘත කෙරුණා.

    ඊට වැය කෙරුණු මුදල මිලියන 250 ක්‌. අධිතාක්‍ෂණික අනුක ජීව විද්‍යා සහිතව මෙය ස්ථාපනය කර තිබෙන්නේ, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ. ආසියානු සංවර්ධන බැංකුව ඊට මූල්‍ය දායකත්වය ලබා දුන්නා. පරීක්ෂණ ක්‍රියාවලිය වේගවත් කිරීමට ගැලපෙන ස්වයංක්‍රීය සාම්පල සකස් කිරීමේ පද්ධතියක් සහ නවීනතම ආසාදන පාලන තාක්ෂණික මෙවලම්වලින් එය සමන්විතයි.

    සාම්පල 96 ක්‌ පැය දෙකක්‌ ද විශ්ලේෂණය කර පැය 4 කින්‌ සම්පූර්ණ වාර්තාවක්‌ නිකුත්‌ කිරීමේ හැකියාව ද එයට පවතිනවා. රසායනාගාරය අද විවෘත කෙරුණේ, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්‌.

    Last modified on බදාදා, 24 ජූනි 2020 20:27

    Latest News