හම්බන්තොට 30කගේ පීසිආර් පරීක්ෂණ

ජූලි 20, 2020

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනෙක්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි.

    තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටි පුද්ගලයෙක් කොවිඩ්-19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරිහු පියවර ගත්හ.

    එලෙස නිරෝධායනය වෙමින් සිටි නෙටොල්පිටිය, රන්න සහ පට්ටියපොළ ප්‍රදේශවල පුද්ගලයන් 30 දෙනෙක්ගේ ද පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම අද (20) සිදුකෙරිණි.

    තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතාගේ මූලිකත්වයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහයෝගයෙන් මෙම සාම්පල ලබා ගැනීම සිදුකෙරිණි.

    Last modified on සදුදා, 20 ජූලි 2020 12:48

    Latest News