ශ්‍රී ලංකාව තුළ ඊයේ වන විට, PCR පරීක්ෂණ 50,000කට අධික සංඛ්‍යවක්

මැයි 23, 2020

    ඊයේ වන විට, PCR පරීක්ෂණ 50,000කට අධික සංඛ්‍යවක් සිදු කර ඇතැයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්‌, විශේෂඥ වෛද්‍ය අනිල්‌ ජාසිංහ මහතා පවසයි. 

    මේ අතර, මෙතෙක්‌ වැඩිම PCR පරීක්ෂණ පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකර ඇත්තේ ඊයේ(22) දිනයේ වන අතර එම සංඛ්‍යාව 1,979 කි.

    කොවිඩි 19 ආසාදනය වූ බවට ඊයේ දිනය තුළ හඳුනාගත්‌ රෝගීන්‌ සංඛ්‍යාව 13ක්‌, ඔවුන්ගෙන්‌ 11 දෙනෙකුම ආරක්‍ෂක අංශ සාමාජිකයින්‌. මැලේසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක්‌ වෙත යොමු කර සිටි පුද්ගලයෙක්‌ හා කුවේටි සිට පැමිණි පුද්ගලයෙකු ද ඒ අතර වේ.

    'කොව්ඩි 19' රෝගය වැළඳී අදු වන විට පූරණ සුවය ලැබු සංඛ්‍යාව 660 කි‌. ඒ අනුව තවදුරටත්‌ රෝහල්ගතව පුතිකාර ලබන සංඛ්‍යාවට වඩා සුවය ලැබූ සංඛ්‍යාව, ඉහළ අගයක්‌ ගනී.

    Latest News