නව රජයේ අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය ධූරවල රාජකාරි ආරම්භ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අද වැඩ භාරගැනීමට නියමිතයි.

අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යාංශද ඊට ඇතුලත් වනවා.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණ පනත් සඳහන් ගැසට් නිවේදනය අද (10) සවස ප්‍රකාශයට පත් කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍යාංශ සකස් කිරීමේ දී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගෙන තිබේ. එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්ය භාරය අනුව සුවිශේෂ ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර ඇත.

අමාත්‍යාංශ ව්‍යුහය සැකසීමේ දී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ක්‍රීඩා යන කේෂ්ත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කොට ඇත.

එකී ව්‍යුහය මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන කේෂ්ත්‍රයේ ද පැතිකඩ ගණනාවක් ආවරණය කර ඇත.

සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂ ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර තිබේ.

අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරු අගෝස්තු 12 බදාදා පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපතිතුමා හමුවේ දිවුරුම් දීමට නියමිතව ඇත.

එම ගැසට් නිවේදනය...

http://www.documents.gov.lk/files/egz/2020/8/2187-27_S.pdf

අන්තර්වාර ආණ්ඩුවේ රාජ්‍ය ආමාත්‍යවරුන් 35ක් හා  නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත්කර තිබේ.

නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අභිනවයෙන් පත් කරනු ලැබූ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩ භාර ගැනිණ.

Latest News