නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙති

ජන 11, 2019

    නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    රවින්ද්‍ර සමරවීර මහතා, කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය ලෙස ද වී. රාධක්‍රිෂ්නන් මහතා, විශේෂ ප‍්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ලෙස ද දිවුරුම් දුන්හ. වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේ අබ්දුල්ලා මහරුෆ් මහතායි.

    මේ අතර දයා ගමගේ මහතාට හිමිව තිබූ කම්කරු, වෘත්තීය සමිති සම්බඳතා අමාත්‍යධූරයේ සංශෝධනයක් සිදුව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇති නව අමාත්‍යධූරය වන්නේ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යධූරයයි.

    Last modified on සිකුරාදා, 11 ජනවාරි 2019 12:03

    Latest News