නව වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත්කෙරේ

ජූනි 10, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් වැඩබලන අමාත්‍යවරු තිදෙනෙක් පත්කර තිබේ.

    ඒ අනූව අදාළ අමාත්‍යාංශවල රාජ්‍ය හා නියෝජ්‍යවරු තිදෙනෙක් ඒ ඒ අමාත්‍යාංශවල වැඩබලන අමාත්‍යවරු ලෙස පත් කර තිබේ.

    නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ.

    මේ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

    ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස පත්කර තිබේ.

    එම මහත්ම මහත්මීන් අද (10) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව අමාත්‍යධුරවල දිවුම් දුන්නේය.

    62189138 2351389261764537 3406282985580789760 o

    64439127 2351389181764545 2795763061015707648 o

    64496347 2351389171764546 8461548776752939008 n

    Last modified on සදුදා, 10 ජූනි 2019 11:40

    Latest News