නව අමාත්‍යවරු රාජකාරී ආරම්භ කිරීම (වීඩියෝ)

අගෝ 14, 2020
  • නව රජයේ අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අද සිය ධූරවල රාජකාරි ආරම්භ කළේය.

    සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ රාජකාරි ආරම්භ කිරීම සිදු කෙරිණ.

    ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද උදේ සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ද මේ අවස්ථාවට එක්විය.

    ඉන්දික අනුරුද්ධ මහතා රාජකාරි ආරම්භ කිරීමට සමගාමීව පවුල් තුනක් වෙත නිවාස ප්‍රදානය කිරීම ද සිදු කළේය.

    රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. ඒ, එම අමාත්‍යාංශයේදී

    ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ද අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

    වනජීවි හා වන සංරක්‍ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා අද රාජකාරි ආරම්භ කළේය.

    පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධූරයේ රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්විය.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ධූරයේ වැඩ බාරගත්තේය.

    වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ද අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ අද රාජකාරි ආරම්භ කළේය. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද මේ අවස්ථාවට එක්විය.

    ග්‍රාමීය මාර්ග අවහේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    මුදල් හා ප්‍රාග්ධන, වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා ද මේ අවස්ථාවට එක්විය.

    සමෘද්ධි ගෘහ ආර්ථික, ශුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන, රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළේය.

    සමූපකාර සේවා අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද සහභාගි විය.

    පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ද අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මේ අවස්තාවට එක්විය.

    දහම් පාසල්, භික්‍ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ, එම අමාත්‍යාංශ යේදී. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ද අද සිය අමාත්‍යාංශයේ දී ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

    වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්‍ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ද අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

    උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

    චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමනය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ධූරයේ අද රාජකාරි ආරම්භ කළේය.

    වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

    Last modified on සිකුරාදා, 14 අගෝස්තු 2020 20:05

    Latest News