මුතුරාජවෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වන ජීවී අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට අභියාචනාධිකරණය නියම කළා.

මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පූජකතුමන්ලා, ප‍්‍රදේශවාසී ජනතාව මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශවයන්ගේ විරෝධතා මතුවීමත් සමග රටතුළ උද්ගතව ඇති තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේද අදහස් දැක්වීම් සහ විරෝධතා දැක්වීම දක්නට ලැබුණි. 

මුතුරාජවෙල තෙත් බිම පරිසර සංවේදී කලාපයක් වශයෙන් නම් කර එය "රැම්සා" තෙත් බිමක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණා.

මුතුරාජවෙල සංරක්ෂිත කලාපය තුළ නීති විරෝධී ලෙස පෞද්ගලික විදුලි බලාගාරයක් ඉදිකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මෝසමක් ලබන 26 වන දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මුතුරාජවෙලට අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මුතුරාජවෙල අභය භූමිය ජාතික වනෝද්‍යානයක් බවට පත් කිරීමට කිරීම සඳහා මේ වන විට කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කොට ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කොළඹ නගරය ලෝකයේ පළමු රම්සාර් තෙත් බිම් නගරය ලෙස රම්සාර් සම්මුතිය ප්‍රකාශයට පත් කළේ ජනාධිපතිතුමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියදී තෙත් බිම් සංරක්ෂණයට ගෙන ගිය වැඩ පිළිවෙළ නිසයි.

මුතුරාජවෙල සංරක්ෂිත අභය භූමි ප්‍රදේශය තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කොට වාර්තාවක් සකස් කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ නීතියට පටහැනි ආකාරයෙන් ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සිදුවන්නේ දැයි සොයා බලා මේ මස 09 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළා.

Latest News