මුතුරාජවෙල විදුලි බලාගාරයක් ඉදි කිරීමට එරෙහි මෝසමක්

ජූලි 12, 2021

    මුතුරාජවෙල සංරක්ෂිත කලාපය තුළ නීති විරෝධී ලෙස පෞද්ගලික විදුලි බලාගාරයක් ඉදිකිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මෝසමක් ලබන 26 වන දා සලකා බැලීම සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම මෝසම ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ මුතුරාජවෙල රක්ෂිත වනාන්තර කලාපය තුළ පෞද්ගලික සමාගමක් විසින් අක්කර 100 ක භූමි භාගයක් ගොඩකර විදුලි බලාගාරයක් ඉදි කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

    මෙය පාරිසරික නීතීන්ට පටහැනි ක්‍රියාවක් බවත් ඒ හරහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් උග්‍ර කිරීමට හේතු වනු ඇති බවත් මෝසමෙන් පෙන්වා දී තිබෙනවා.

    මෙම මෝසම අද සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් ලබන 26 වන ද කරුණු දක්වන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළා.

    Latest News