දිවයින පුරා වැඩ වෙසෙන මහා සංඝයා වහන්සේලා වෙත සෝෆා [SOFA] ගිවිසුම හා ඇක්සා [ACSA] ගිවිසුම සම්බන්ධ ව්‍යාජ තොරතුරු ඇතුළත් නිර්ණාමික ලිපියක් යවා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

උරුමකරුවන්ට යන එන මං නැති කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තනි පවුලකට සීමා වෙලා අපි ඒ ගැන කණගාටු වෙනවා යැයි අමාත්‍ය තලතා අතුකොරළ පවසයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා නම් කිරිම සිදුකරණ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අවුරුදු 20 ක්ම ඇමති ධුරයන් දරා, විපක්ෂයේ සිටින මන්ත්‍රීවරයෙකු නින්දෙන් නැගිට රජයේ සමෘධි වැඩසටහන යු.එන්.පී. සමෘද්ධියක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

සෝපා ගිවිසුම අත්සන් කිරිම කුමන වසරේ සිදුවුයේ ද යන්න ලඟදීම හෙලි කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය අත්සන් නොකළ බවත් ඇයි කියා සිටි. සෝපා ගිවිසුමට අත්සන් කිරිමේ චෝදනාව රනිල් වික්‍රමසිංහ මහත්තාට එරෙහිව ඇත්නම් ඕනෑම කෙනෙකු එය ඔප්පුකර පෙන්වන මෙන් ඇමතිනිය අවධාරනය කළාය.

රුපියල් මිලියන 39.9 ක වියදමකින් ඉදි කළ බලංගොඩ ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇයි මේ බව කියා සිටියාය. මෙම ජල යෝජනා ක්‍රමයෙන් පවුල් 279 කට පානීය ජල පහසුකම් සැපයේ.

එහිදී තවදුරටත් අදහස් පළ කළ ඇමතිනි තලතා අතුකෝරළ.....
සමහර දේශපාලඥයින් ඉන්නවා එල්ලෙන්න වැල් නැහැ. මේ ආණ්ඩුව ලස්සනට අවේ නැහැ. විවිධ බාධා ආවා. 2017 මහා ගංවතුරක් ආවා. නාය ගියා. මට ඇහුණා කවුද කියනවා මේක යු. එන්. පී. ආණ්ඩුවක් කියලා. යු. එන්. පී. ආණ්ඩුවක් ගත්තේ නැහැ මේක බොහොම අමාරුවෙන් ගත්තේ.
මිනිස්සු නොමග යවන්න බැඳුම්කරයක් ගැන කිවුවා. මම ඕන කොනකුට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව තියෙනවා නම් එක චෝදනාවක් ඔප්පු කරලා පෙන්වන්න. දැන් ඊයේ පෙරේදා වෙන කොට තව එකක් පටලවාගෙන සෝපා ගිවිසුමක් ගැන. ඒකට තව එක්කෙනෙක් හූ මිටි තියන්න විපක්ෂ නායකවරයා ළගට ගිහිං තිබ්බා. මම බය නැතිව ඕන කෙනෙකුට කියනවා. කවුද සෝපා ගිවිසුම අත්සන් කළේ මොන අවුරුද්දේද කියලා. අපි හෙට අනිද්දාම හෙළි කරනවා. කිසිම ගිවිසුමකට අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අත්සන් කරලා නැහැ . ඉස්සෙල්ලා කිවුවා අගමැතිතුමා මේ ආණ්ඩුව චීනෙට හම්බන්තොට විකුණුවා කිවුවා. චීනෙට විකුනපුවා ගත්තේ අපි. පෝට් සිටි එක හදන ඉඩම විකුණලා තිබ්බේ. අපේ අගමැතිතුමා චීනෙට හය වතාවක් ගිහිල්ලා මේවා බේර ගත්තා. හම්බන්තොට විකුණලා නැහැ.

ගිය ආණ්ඩුව අවුරුදු 20 ක් බලයේ හිටියා කළ දෙයක් නැහැ. ගිය ආණ්ඩුව ඒ අවුරුදු 20ට මොනවාද බලංගොඩට කළේ. මම බලංගොඩට ඇවිල්ලා තවම අවුරුදු දෙකයි. මේ කාලය තුළ අන් කවරදාටත් වඩා වැඩ කොටසක් අපි කළා.

මහින්ද රාජපක්ෂ මහත්තයා බිලියන දහ දාහක ණයක් ඉතුරු කරලා ගිය ආණ්ඩුවක් අපි ගත්තේ. අපි ආව දවසේ ඉදලා කුණු කදු කඩා වැටුණා. නාය ගියා ගංවතුර ආවා. අපේ රජය පෙරළන්න කුමන්ත්‍රණ කළා. ඒ නිසාම මාස හයක් රට ආපස්සට ගියා. බලයට තියෙන කෑදරකම නිසා අගමැතිකම බලෙන් ගන්න කටයුතු කළා. සමහර අය උත්සාහ කරන්නේ ආගම හරි ජාතිය හරි ඉස්සරහට දා ගෙන බලය ලබා ගන්න. දැන් තමුන්නාන්සේලාට ඕන පවුලක් රජ කරවන්න ද කියන්නකෝ. එදා සමෘද්ධිය දුන්නේ ඒ අයගේ අයට විතරයි. එදා මාධ්‍ය නිදහස තිබුණේ කොහොමද කියලා තමුන්නාන්සේලා දන්නවා. මිග් යානා ගනු දෙනුව ගැන කිවුවා කියලා ඒක ලියලා අවුරුද්දක් යන්න කලින් ලසන්තව මැරුවා. උපාලි තෙන්නකෝන්ට ගැහුවේ කවුද කියලා දැන් හෙලි වෙලා තියෙනවා යැයි අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.
.

 

 

 

 

 

 

 

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදමලට මුවාවී විනිසුරුවන් ගැන බොරු ප්‍රචාර කරමින් ජනතාව මුලා කිරිමට උත්සහ කරන බව ඇමති තලතා අතුකෝරල පවසයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලී මහතා විසින් විනිශ්චයකාරවරුන් කිහිප දෙනෙක් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ යැයි කළ ප්‍රකාශය හෙල දකින බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර කියා සිටි.

මුළු ශරීරයම ආවරණය කරමින් අඳින ඕනෑම ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.  

කිසිදු හේතුවක් මත භික්ෂුවක් අපරාධ නීතිය යටතේ අධිකරණයට ගෙන එමේ බලාපොරොත්තුවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

Latest News