ඇමතිනි තලතා සමෘධිය ගැන විපක්ෂ මන්ත්‍රිට කළ මතක් කිරිමක්

ජූලි 18, 2019

    අවුරුදු 20 ක්ම ඇමති ධුරයන් දරා, විපක්ෂයේ සිටින මන්ත්‍රීවරයෙකු නින්දෙන් නැගිට රජයේ සමෘධි වැඩසටහන යු.එන්.පී. සමෘද්ධියක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    සමෘද්ධිය ලබාදිමට පෙර එම පාලන සමයේදි මුලික සුදුසුකම වුයේ දේශපාලන පක්ෂය බව ඇය කියා සිටියේය. ‘’ප්‍රජා ජල අභිමානී‘’ ගම් දහසකට සුරක්ෂිත පානීය ජලය 2019 වැඩ සටහන යටතේ නිවිතිගල අම්බලන්දෙණිය ජල යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළාය.

    ප්‍රතිලාභින් 675 ජල පහසුකම් සැපයෙන අතර ඊට වැය කෙරෙන මුදල රුපියල් එක් කෝටි පන් ලක්ෂයක්.

    අදහස් පළ කළ අමාත්‍යවරිය.......
    රජයෙන් ගෙවන ප්‍රතිපාදන ලබා ගෙන ඒ ප්‍රතිපාදනවල සම්පුර්ණ ප්‍රතිඵලය මේ ගම්වලට ලැබෙන පරිදි කටයුතු කරන් හොඳ නිලධාරීන් පිරිසක් සහ නායකත්වයක් තිබෙන නිසායි මේ වැඩ පිළිවෙළවල සාර්ථකව කර ගෙන යන්න හැකි වෙලා තියෙන්නේ. රත්නපුර දිස්ත්‍රික්කයට මේ ප්‍රතිපාදන ලබාදීම සඳහා අමාත්‍යතුමා මෙන්ම හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ඇමතිතුමාත් විශාල දායකත්වයක් ලබා දුන්නා.

    යූ.එන්.පි. වෙච්ච ගමන්ම ජේ.වී.පී.වෙච්ච ගමන්ම සමෘද්ධිය අහිමි වෙලා තිබුණා. ඊයේ පෙරේදා මම දැක්කා අවුරුදු 20 ක්ම ඇමති ධුරයකුත් දරපු දැන් විපක්ෂයේ මන්ත්‍රිකෙනෙක් විදිහට ඉන්න කෙනෙක් කියලා තිබුණා මේක යු.එන්.පී. සමෘද්ධිය කියලා. තමුන්නාන්සේලාම කියන්නකෝ මේ සමෘද්ධිය ලැබුණේ යූ. එන්. පී. අයට විතර ද. ඒ ගොල්ලෝ නින්දෙන් නැගිටලා වගේ අද කථා කරන්නේ ඉස්සර සමෘද්ධිය ලියන්න කලින් ඒ මනුස්සයාගේ පක්ෂයයි අහන්නේ. සුදුසුකම විදිහට ප්‍රේමදාස මහත්තයා හෙවුවේ දුප්පත්කමයි. එයාට මම මතක් කරලා දෙන්න ඕන යූ. එන්. පී, ජේවීපී, ටීඑන්ඒ, මුස්ලිම් කොන්ග්‍රසය ද ඒවා අපිට වැඩක් නැහැ. අඩු ආදායම්ලාභින් නම් ගමේ ඉන්නේ මේක ලබාදීම අපේ යුතුකමක්. මම කියන්නේ අපේ වගකීම ඉටු කරන්න අපි ඇවිල්ලා ඉන්නේ. මිනී මරා ගන්න තව කෙනෙක් අමාරුවෙන් හොයා ගන්න දේ විනාශ කරන දේශපාලනය නිවිතිගලින් දැන්වත් වෙනස් වෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. වතුර ටිකට කුහක වෙන්න හොද නැහැ. සියලු දෙනාටම ජලය අවශ්‍ය වෙනවා.

    අවුරුදු 20 ක් කරන්න බැරි වුනු දේවල් අපි අවුරුදු 4 න් කළා. අපි අනිත් අයටත් හොද බුද්ධිමත් මනසක් ඇති වේවායි කියන සිතුවිල්ල ඇතිව තමයි අපි වැඩ කරන්නේ. එදා මේ පවුල්වල දරුවෝ පාසල් ගියේ නැහැ.අම්මලා තාත්තලා කිරි කපලා දුක් විදලා දරුවන්ට පොත් ටික අරන් දුන්නේ .ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා නොමිලේ පොත් ටික ලබා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා නිළ ඇඳුම් ටික ලබා දුන්නා. අපේ දරුවෝ පාසල් ගියා. හොදට ඉගෙන ගත්තා. දැන් අපිට රැකියා ලබාදීලා ඉවරයක් නැහැ යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

    Latest News