භික්ෂුවකට සංඝාධිකරණයක් හෝ අපරාධ නීතියක් නැහැ... ඇමතිනි තලතා

අප්‍රේ 09, 2019

    කිසිදු හේතුවක් මත භික්ෂුවක් අපරාධ නීතිය යටතේ අධිකරණයට ගෙන එමේ බලාපොරොත්තුවක් නොමැති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    රත්නපුර ශ්‍රී බෝධිරාජාරාමයේ සිව්මහල් බුදු මැදුර විවෘත කිරීම සහ එහි විහාරාධිපති පුජ්‍ය මාවෙල සුමන ස්වාමීන් වහන්සේට දිසා පාලක ධූර අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියේය.

    අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය "අපි හදවතින්ම බෞද්ධ ධර්මයේ යහපත වෙනුවෙන් වැඩ කරන උදවිය. අපි නිකායකට වෙන් වෙලා වැඩ කරන්නේ නැහැ. අපේ නිකාය බෞද්ධ නිකාය. අපි නොදැක්කාට ඉතා විශාල මෙහෙවරක් නිහඩව කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි කථා කරන ධර්මය අපේ ජීවිතය තුළ ඇති කර ගන්න ඕන. මම කියන්න ඕන පුද්ගලිකව බෞද්ධ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් සංඝාධිකරණයක් නොවෙයි ස්වාමීන් වහන්සේලා නිකං උසාවියට යන එක ගැනත් මගේ එච්චරම සන්තෝෂයක් නැහැ. මම දිවුරුම් දීලා, මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගිය වෙලාවේදී මගෙන් ඉල්ලීමක් කලා සංඝාධිකරණය කෙසේ වෙතත් දිනයක් වෙනම වෙන් කරන්න ස්වාමීන් වහන්සේලාට උසාවියට යන්න කියලා. ඒ අනුව අපි පළාත් දෙකක වයඹත් සහ මධ්‍යමත් දිසා අධිකරණවල එක දවසක් වෙන් කරලා තියෙනවා. රත්නපුරේත් හෙට අනිද්දාම වෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ අපරාධ නීතිය යටතේ ස්වාමීන් වහන්සේලා මොනම හේතුවකටවත් අධිකරණය ඉදිරියට ගෙනියන්න. ඒ විනය ඇති කිරීම මේ සියලුම නිකායන්වල මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ නායක ස්වාමීන් වහන්සේලා විසින් බොහොම හොදට ඇති කරලා තියෙනවා. අපි කණගාටු වෙන්න ඕන එහෙම තැනකට පත් වුණොත් යැයි" ද අමාත්‍යවරිය සදහන් කළාය.

    Latest News