සෝපා ගිවිසුම අත්සන් කළ පිරිස ගැන අනාවරණයක්

ජූලි 15, 2019

    සෝපා ගිවිසුම අත්සන් කිරිම කුමන වසරේ සිදුවුයේ ද යන්න ලඟදීම හෙලි කරන බව අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි. වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එය අත්සන් නොකළ බවත් ඇයි කියා සිටි. සෝපා ගිවිසුමට අත්සන් කිරිමේ චෝදනාව රනිල් වික්‍රමසිංහ මහත්තාට එරෙහිව ඇත්නම් ඕනෑම කෙනෙකු එය ඔප්පුකර පෙන්වන මෙන් ඇමතිනිය අවධාරනය කළාය.

    රුපියල් මිලියන 39.9 ක වියදමකින් ඉදි කළ බලංගොඩ ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇයි මේ බව කියා සිටියාය. මෙම ජල යෝජනා ක්‍රමයෙන් පවුල් 279 කට පානීය ජල පහසුකම් සැපයේ.

    එහිදී තවදුරටත් අදහස් පළ කළ ඇමතිනි තලතා අතුකෝරළ.....
    සමහර දේශපාලඥයින් ඉන්නවා එල්ලෙන්න වැල් නැහැ. මේ ආණ්ඩුව ලස්සනට අවේ නැහැ. විවිධ බාධා ආවා. 2017 මහා ගංවතුරක් ආවා. නාය ගියා. මට ඇහුණා කවුද කියනවා මේක යු. එන්. පී. ආණ්ඩුවක් කියලා. යු. එන්. පී. ආණ්ඩුවක් ගත්තේ නැහැ මේක බොහොම අමාරුවෙන් ගත්තේ.
    මිනිස්සු නොමග යවන්න බැඳුම්කරයක් ගැන කිවුවා. මම ඕන කොනකුට කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට එරෙහිව තියෙනවා නම් එක චෝදනාවක් ඔප්පු කරලා පෙන්වන්න. දැන් ඊයේ පෙරේදා වෙන කොට තව එකක් පටලවාගෙන සෝපා ගිවිසුමක් ගැන. ඒකට තව එක්කෙනෙක් හූ මිටි තියන්න විපක්ෂ නායකවරයා ළගට ගිහිං තිබ්බා. මම බය නැතිව ඕන කෙනෙකුට කියනවා. කවුද සෝපා ගිවිසුම අත්සන් කළේ මොන අවුරුද්දේද කියලා. අපි හෙට අනිද්දාම හෙළි කරනවා. කිසිම ගිවිසුමකට අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් අත්සන් කරලා නැහැ . ඉස්සෙල්ලා කිවුවා අගමැතිතුමා මේ ආණ්ඩුව චීනෙට හම්බන්තොට විකුණුවා කිවුවා. චීනෙට විකුනපුවා ගත්තේ අපි. පෝට් සිටි එක හදන ඉඩම විකුණලා තිබ්බේ. අපේ අගමැතිතුමා චීනෙට හය වතාවක් ගිහිල්ලා මේවා බේර ගත්තා. හම්බන්තොට විකුණලා නැහැ.

    ගිය ආණ්ඩුව අවුරුදු 20 ක් බලයේ හිටියා කළ දෙයක් නැහැ. ගිය ආණ්ඩුව ඒ අවුරුදු 20ට මොනවාද බලංගොඩට කළේ. මම බලංගොඩට ඇවිල්ලා තවම අවුරුදු දෙකයි. මේ කාලය තුළ අන් කවරදාටත් වඩා වැඩ කොටසක් අපි කළා.

    මහින්ද රාජපක්ෂ මහත්තයා බිලියන දහ දාහක ණයක් ඉතුරු කරලා ගිය ආණ්ඩුවක් අපි ගත්තේ. අපි ආව දවසේ ඉදලා කුණු කදු කඩා වැටුණා. නාය ගියා ගංවතුර ආවා. අපේ රජය පෙරළන්න කුමන්ත්‍රණ කළා. ඒ නිසාම මාස හයක් රට ආපස්සට ගියා. බලයට තියෙන කෑදරකම නිසා අගමැතිකම බලෙන් ගන්න කටයුතු කළා. සමහර අය උත්සාහ කරන්නේ ආගම හරි ජාතිය හරි ඉස්සරහට දා ගෙන බලය ලබා ගන්න. දැන් තමුන්නාන්සේලාට ඕන පවුලක් රජ කරවන්න ද කියන්නකෝ. එදා සමෘද්ධිය දුන්නේ ඒ අයගේ අයට විතරයි. එදා මාධ්‍ය නිදහස තිබුණේ කොහොමද කියලා තමුන්නාන්සේලා දන්නවා. මිග් යානා ගනු දෙනුව ගැන කිවුවා කියලා ඒක ලියලා අවුරුද්දක් යන්න කලින් ලසන්තව මැරුවා. උපාලි තෙන්නකෝන්ට ගැහුවේ කවුද කියලා දැන් හෙලි වෙලා තියෙනවා යැයි අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.
    .

     

     

     

     

     

     

     

     

     

    Latest News