දිල්රුක්ෂි ඩයස්ගේ ප්‍රකාශයට පරීක්ෂණයක් අවශ්‍යයි: ඇමතිව හෙළි කළ යුතුයි..... ඇමතිනි තලතා

සැප් 22, 2019

    දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරිය නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    රුපියල් කෝටි 50 ක් වැය කරමින් පුගොඩ නව අධිකරණ සංකීර්ණය සදහා අද (22) මුල්ගල තැබීමේන් පසු මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව කියා සිටියේය.

    එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මේක වුණේ කියලා අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන. ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරණ නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ යැයි ද ඇමතිනිය අවධාරනය කළාය.

    අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය.......
    එතුමිය රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ සිටින නිලධාරීනියක් දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය යටතේ තිබුණට. ඒ සම්බන්ධයෙන් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඉල්ලීමක් කරලා තියෙනවා මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරලා අවශ්‍ය කටයුතු කරන්න කියලා නීතිපතිවරයාගෙන්. ඒක නීතිපති වරයා විසින් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සිදු කළ යුතුයි.

    ප්‍රශ්නය-ඇයගේ දුරකථන සංවාදයේ දී රජයේ ඇමතිවරයෙක් බලපෑම් කළ කියලා කියවෙනවා. පිළිතුර-ඇමතිවරයාත් කවුද කියලා කියන්න ඕන. හෙලි කරන්න ඕන. එතුමිය හිතනවා නම් ඇමතිවරයෙක් සම්බන්ධයෙන් තමයි මෙක වුණේ කියලා එතුමිය අනිවාර්යයෙන්ම ඒ ඇමතිවරයා කවුද කියලා හෙලි කරන්න ඕන. මමත් කියන්නේ ඇමතිවරයා හෙලි කරන්න කියලා. මොකද අපි ඒවාට කිසිම කෙනෙකුට උදවු උපකාර කරන්නේ නැහැ. අපි ඒ වගේ දේවල් ඒ වගේ නිලධාරීනියකගෙන් බලාපොරාත්තු වෙන්නේත් නැහැ. අනිවාර්යයෙන්ම එහෙම සම්බන්ධයක් තුළ මේක වුණා නම් ඇමතිවරයාත් හෙළි කිරීම එතුමියගේ වගකීමක්. හැබැයි ඇමතිවරයෙක් සම්බන්ධ වුණත් නැතත් මේ වගේ වගකිව යුතු තනතුරක් දරන නිලධාරීනියකට ඔහොම කරන්න බැහැ. යැයි ද අමාත්‍යවරිය සඳහන් කළාය.

     

    සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය මුහුණු පොතේ සටහනක් තබමින් කියා සිටින්නේ එම දුරකථන ඇමතිම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බවයි. ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සමග පැවැත්වු දුරකතන සංවාදය විකෘති කිරිමක් කර ඇති බව ඇය පවසන්නීය.

    සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය මුහුණු පොතේ සටහන

    නිස්සංක සේනාධිපති මහතා වෙත

    රජයේ සේවකයෙකු වශයෙන් මට ඔබ මේ දමා ඇති දුරකථන සංවාදය පිළිබඳව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැක.
    එහෙයින් පහත ප්‍රශ්න දෙකට උත්තර දෙන්න.

    1. ඔබ හා සිදුකරන මෙම දුරකතන සංවාදය මට දුන්නෙ රජයේ මොන ඇමතිතුමා ද හා කුමන හේතුවක් නිසාද යන්න ජනතාවට කියන්න.
    2. ඔබ එම දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට මුලු සංවාදයම නිදහස් කරන්න.

    Latest News