මුහුණු ආවරණ යෝජනාව මගේ.....මාධ්‍ය බොරු පතුරවනවා....ඇමති තලතා

අප්‍රේ 29, 2019

    මුළු ශරීරයම ආවරණය කරමින් අඳින ඕනෑම ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයන් අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.  

    මේ යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝ  අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් නොකළ බවත් මේ පිළිබදව මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් පමණක් සිදු කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය නිවේදනය කර සිටි. 

    මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයි..

    ‘’අද රටේ ඇති වෙලා තියෙන තත්වය සම්බන්ධයෙන් අපි රජයක් හැටියට නොයෙකුත් ක්‍රියා මාර්ග ඉදිරියට ඇති නොවෙන විදිහට අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සියලු දෙනාම අපිට පැවරිලා තියෙන වගකීම් යටතේ කටයුතු කරන්න උපරිම උත්සාහයක් ගන්නවා. ඒ අතරවාරයේ මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී මොනම හේතුවකින්වත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වුණේ නැහැ.

    අග්‍රාමාත්‍යතුමා පුංචි අදහසක් පළ කළා මේක සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්න පෙර මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන්න කියලා. ඒ අනුව ඒ කටයුතු මා විසින් කරන්නට යෙදුනා. නොයෙකුත් අය පටු දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් අගමැතිතුමා, මුදල් ඇමතිතුමා දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍ය හරහා නැති මතයක් ගොඩ නගන්නට උත්සාහ කරනවා. මම ඉතාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා. අගමැතිතුමා ඉතා පුළුල් විදිහට කල්පනාවෙන් වැඩ කරලා නායකයෙක් හැටියට අපි සියලුම ජාතීන් ජීවත් වෙන රටේ තීරණ ගන්න කොට ඒ අදාළ අයට දැනුවත් කිරීම අපේ වගකීමක් හැටියට සළකන නිසයි එතුමා ඒ විදිහට සදහන් කළේ කියන එක මම වගකීමක් ඇතිව කියනවා.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 11:48

    Latest News