ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියාද නැතහොත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් ද යන්න සැක සහිත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන්ම තම කදවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්. රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කෙරේ.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 100ක් ලබන පළමු වැනි දා සිට සෑම ප්‍රාදේශීය කොට්ඨාසකටම ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

විදෙස් රටකින් මෙරටට අපද්‍රව්‍ය සහිත බහාලුම් ගෙන්වීමේ සිදුවීම මහා ජාතික අපරාධයක් ලෙස දකින බවත් සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව විධිමත් රේගු පරීක්ෂණ පවත්වා හඳුනාගත් වැරදි කරුවන්ට රේගු ආඥා පනත යටතේ විධිවිධානවලට අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ත්‍රස්තවාදී ක්‍රියා මැද වුවත් අද වනවිට රටේ මූලික ආර්ථික දර්ශක ස්ථාවරව පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසයි.

ලිට්රෝ ගෑස් සමාගමට පත් කර ඇති නව අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමකට ලක්ව ඇති සංචාරක කේෂ්ත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් හෝටල් හිමියන්ට උපරිම ආර්ථික සහන පිරිනැමීමටත්, එම සමාගම් සඳහා බදු සහන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් සලකා බැලීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පාස්කු ඉරිදා උදෑසන කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය ඉතාමත්ම පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

අයවැයෙන් ක්ෂුද්‍රමූල්‍ය ණය කපා හරින්නත් ආර්ථික සංවර්ධනය තුළින් සංහිදියාව ඇති කරන්නත් කටයුතු කළ බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

Latest News