ඇමති මංගලගේ ලිට්ට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලයට තහනමක්

මැයි 15, 2019

    ලිට්රෝ ගෑස් සමාගමට පත් කර ඇති නව අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරු සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගූරුසිංහ මහතා විසින් මෙම නියෝගය කෙරිණ. ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    ලිට්රෝ ගෑස් සමාගමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර ඇති බව පෙත්සමෙන් පෙන්වා දේ. ලිට්රෝ ගෑස් සමාගමට මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් කියයි . එම නිසා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එම සමාගමේ අධ්‍යක්ෂවරුන් පත් කිරීමේ බලයක් නොමැති බව ඔහූ පවසයි.

    එම නිසා නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ තීරණය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබුණා. ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයට එම තනතුරුවල ක්‍රියා කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළ වාණිජ මහාධිකරණය කලින් පැවැති අධ්‍යක්ෂ මණ්ඩලය නිළධාරින් ගේ කටයුතුවලට බාධා නොකරන මෙන්ද නියෝගයක් නිකුත් කළේය. වැඩිදුර විමසීම ලබන 28 වැනිදාට කල් තැබුණි.

     

    Latest News