එදා වචනයට පමණක් සීමා වී තිබූ සුබ අනාගතය අද ජනතාවට සැබෑ ලෙස උදාවී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. සංවේදී රජයක් ලෙස ජනතාවගේ සේම රටේ අනාගතය ද සුබවාදී කරවීම සඳහා වත්මන් රජය කැපවීමෙන් ක්‍රියාකරමින් සිටින බව හෙතෙම පෙන්වා දෙයි.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය හෙට (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00 ට පැවැත්වේ.

Latest News