ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට මිලියන 100ක් - ඇමති මංගල

අගෝ 30, 2019

    ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට තවත් රුපියල් මිලියන 100ක් ලබන පළමු වැනි දා සිට සෑම ප්‍රාදේශීය කොට්ඨාසකටම ලබා දෙන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.


    “ගම් පෙරළිය වැඩසටහන පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම කොට්ඨාසයකම ඉතිහාසයේ කවදාවත් නොදුටු ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සැප්තැම්බර් වෙනකොට ආරම්භ කලේ. දින 52 ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයත් එක්ක නීති විරෝධි අගමැතිවරයාගේ පළමුවැනි කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් 26 වැනි දින තිබුණේ. ගම්පෙරළිය වැඩසටහන අහෝසි කරන්න, නවත්වන්න, නැවත වතාවක් නීත්‍යානුකූල රජය පිහිටුවීමත් සමඟ ජනවාරි මාසේ ගම්පෙරළිය වැඩසටහන යළි වතාවක් පිහිටුවලා මේ වෙනකොට ලංකාවේ කාර්යක්‍ෂම, වේගවත් ග්‍රාමීය සංවර්ධන වැඩපිලිවෙලක් බවට පත්වෙලා තියෙනවා. සෑම මැතිවරණ කොට්ඨාසයකම පළමුවැනි මාස 8 තුළ කෝටි 30ක් රුපියල් මිලියන 300ක් අපි ලබාදීලා තියෙනවා.

    පසුගිය කාලවල්වල පන්සල්, පල්ලි, කෝවිල්, හදාගන්න පුලුවන් වුණේ බෙන්ස් කාර්වල ගිහිල්ලා දේශපාලඥයන්ට පන්දම් අල්ලන ස්වාමීන් වහන්සේලාට විතරයි. අපේ වැඩපිළිවෙළ යටතේ මේ රටේ තියෙන කුඩා පන්සල්, විහාරවලට, පල්ලිවලට, කෝවිල්වලට රුපියල් මිලියනයක් බැගින් අපි ලබාදෙන්නට කටයුතු කරලා තියෙනවා.

    මේ මොහොත වනවිට ආගමික සිද්ධස්ථාන දහදහස් තුන්සිය හතළිස් තුනක් අපි නවීකරණය කරලා තියෙනවා. ගොඩ නඟමින් ඉන්නවා. ඒ සඳහා බිලියන 5.1ක වැඩ මේ වෙනකොටත් කරමින් තියෙනවා මේ මාස අටේදී විතරක්. ව්‍යාපෘති 99,882ක් ලංකාව පුරාම ක්‍රියාත්මක වෙලා තියෙනවා. මිලියන 45,477ක් වියදම් කරලා තියෙනවා“ යැයි අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

     

    Last modified on සිකුරාදා, 30 අගෝස්තු 2019 14:09

    Latest News