ඊලාම් කොඩිය ඔසවපු වර්ධරාජා පෙරුමාල් ගෝඨාභයගේ: ජාතික ධජය එසව් සම්බන්ධන් අපේ - මුදල් ඇමති මංගල (වීඩියෝ)

නොවැ 04, 2019

    දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන්ම තම කදවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටි.

    ඒ ඊයේ (03) පැවති මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි. කෙසේ වෙතත් කලක සිටම ටි එන් ඒ සංවිධානය තම පක්ෂය හා එක්ව වැඩ කල බව සිහිපත් කල අමාත්‍යවරයා මෙම සහයෝගය දැක්වීම තම ප්‍රතිවාදී කදවුර විසින් කොටින්ගේ සහයෝගයත් සජිත් ප්‍රේමදාස කදවුරට ලැබී ඇති බවට හුවා දැක්වීමට පාවිච්චි කරනු ඇති බව සඳහන් කළේය.

    එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා:

    ‘අපි මෙතැනදී මතක් කරන්න ඕන රට බෙදන අය කොහෙද ඉන්නෙ රට එකතු කරන අය කොහෙද ඉන්නෙ කියල. සම්බන්දන් මැතිතුමා ගැන මට මතකයි 2012 දී අපි යාපනේ මැයි දිනේ තියන්න එක්සත් ජාතික පක්ෂයෙන් ගියපු වෙලාවේ අපේ වේදිකාවට නැගල ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු සම්බන්දන් තමයි ටි එන් ඒ නායකය. එතුමා තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ.

    මිත්‍රවරුනි අනිත් කදවුරේ කවුද ඉන්නෙ ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතු වෙලා ඉන්නෙ වෙන කවුරුවත් නෙමෙයි 1990 ත්‍රිකුණාමල නගරයේ වෙනම ඊලම් රාජ්‍යක් ප්‍රකාශ කරල ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊලම් කොඩිය ප්‍රසිද්ධියේම ඔසවපු වර්ධරාජා පෙරුමාල්ල. අද කොහෙද ඉන්නෙ? අද ගෝඨාභය රාජපක්ෂ එක්ක.

    ඒ විතරක් නෙමෙයි පොලිස් නිලදාරීන් 600ක් මරන්න නියෝග දුන්න, අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න නායකත්වය දුන්න කරුණා අම්මාන් ඉන්නෙ කොහෙද ගෝඨාභය රාජපක්ෂ එක්ක.

    ඒ වගේම නැගෙනහිර පළාතේ අහිංසක දෙමල දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ල එල්ටිටිඊ සංවිධනයට එකතු කරපු පිල්ලයාන් ඉන්නෙ කොහෙද. ඊයේ පෙරේද අර මහා දේශප්‍රේමිය මහින්ද රාජපක්ෂ හිරගෙදරත් යනව පිල්ලයාන් බලන්න.

    ඒ විතරක් නෙමෙයි. පසුගිය අප්‍රේල් වලින් පස්සේ යුඑන්පි අපට බැන්නා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය වැහුවේ නෑ කියල. හිස්බුල්ල ත්‍රස්තවාදීන්ට උදව් කරනව කිව්වේ ඒ අයමයි. අද බලන්න හිස්බුල්ල කියනව මම දැක්ක ඒ අයගෙ දෙවන මනාපයත් ගෝඨාභයට දෙන්න කියල” ලෙස ද ප්‍රකාශ කරනාවා.

    එමෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කල මහිල් බණ්ඩාර මහතාද අපි සීරුවෙන් ව්‍යාපාරය නියෝජනය කරමින් මෙම තරුණ සමුළුව ආමන්ත්‍රණය කල අතර 2015 ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය සදහා දියත් කලේ රටේ තරුණ ප්‍රජාව බව සිහිපත් කල හෙතෙම ඉදිරි ජනාධිපතිවරණ සටනද විජයග්‍රහණයෙන් කෙලවර කිරීමටත් තරුණ ප්‍රජාව කටයුතු කරනා බවටද සදහන් කරනා ලදී. ජාතිවාදය, දේශප්‍රේමය වැනි පරණ සංකල්ප ඉවත් කර ඇති නව තාරුණ්‍ය රට සුරැකීමට නොවැම්බර් 16 වනදාට නිදහස, ප්‍රජාත්‍රන්තවාදය වෙනුවෙන් තම වගකීම ඉටු කරනා බවටද සදහන් කළා.

    එමෙන්ම මෙම තරුණ සමුළුව සදහා මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරණ, වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම, ජාතික යොවුන් පෙරමුණේ උප සභාපති නාමල් විජිතමුණි සොයිසා ඇතුළු කථිකයන් රැසක් සහභාගී වූ අතර මාතර දිස්ත්‍රික්කය නියෝජණය කරමින් විශාල තරුණ තරුණියන් පිරිසක්ද ඊට සහභාගී විය.

    Last modified on සදුදා, 04 නොවැම්බර් 2019 20:31

    Latest News