රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවතට: 2020 සිට වැටුප් වැඩිවීමක් (වීඩියෝ)

සැප් 25, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්. රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව එම සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප, ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අනුව 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කෙරේ.

    එම අගය 1:4:5 අනුපාතයට අනුව වැටුප් ගැලපූ විට යෝජිත ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත.

    මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975කින් ද වැඩි වේ. රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000කින් වැඩිවන අතර කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040කින් ද, වැඩි වේ. මෙම සියලු වැඩි කිරීම් සිදු කර ඇත්තේ එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107%ප්‍රතිශතයකින් වැඩ කර තිබීමට අමතරවයි.

    කෙසේ වෙතත් ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020 ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලැබේ.

    salary 001 salary 002 salary 003 salary 004 salary 005



    Last modified on බදාදා, 25 සැප්තැම්බර් 2019 23:12

    Latest News