අපද්‍රව්‍ය ගෙන්වීම ජාතික අපරාධයක්: අපරාධ චෝදනා ගැන අවධානය

ජූලි 26, 2019

    විදෙස් රටකින් මෙරටට අපද්‍රව්‍ය සහිත බහාලුම් ගෙන්වීමේ සිදුවීම මහා ජාතික අපරාධයක් ලෙස දකින බවත් සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව විධිමත් රේගු පරීක්ෂණ පවත්වා හඳුනාගත් වැරදි කරුවන්ට රේගු ආඥා පනත යටතේ විධිවිධානවලට අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විදෙස් රටකින් ගෙන්වන ලද කසළ බහලුම් කන්ටේනර් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

    මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    රේගු දෙපාර්තමේන්තුව මේ ගැන් සිදු කළ මූලික පරීක්ෂණවල දි අනාවරණය වූ කරුණු අනුව උත්තරය පදනම් වෙනවා. ඉන් බහාලුම් 111ක් කොළබ වරායේ රඳවා ඇති අතර,බහාලුම් 103ක් වරායෙන් නිදහස් කරගෙන තිබෙනවා.නිදහස් නොකළ අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 65ක් සීටී අංගනය වෙත ගොඩබා ඇති බව අනාවරණය විය.ඒ අනුව රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමිය එය පරික්ෂා කිරීමට උපදෙස් ලබා දී ඇත. එම පරීක්ෂණ කටයුතු මැයි 24 දින සීටීඅයිසී බහාලුම් අංගනයේ දී සිදු කරන ලදී .

    මෙම පර්යේෂණයේ දී එම ද්‍රව්‍ය මිශ්‍ර අපද්‍රව්‍ය බවත්,බාෂල් සම්මුතිය උල්ලංඝණය කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ව අනුමැතියකින් තොරව මේ රටට ගෙන්ව ඇති බව තහවුරු වී ඇත. මෙය මා දකින්නේ මහා ජාතික අපරාධයක් හැටියටයි.රේගු ආඥා පනතත් උල්ලංඝනය කරල.පරිසර පනතත් උල්ලංඝනය කර තිබෙනවා. මෙය මහ ජාතික ප්‍රශ්නයක් ඇති කරන්නට පුළුවන් ජාතික අපරාධයක් හැටියට සළක්න්න ඕන.

    මෙම බහාලුම් නැවත ප්‍රති අපනයනය කරන මෙන් එම ආයතනයට ශ්‍රී ලංකා රේගුව දන්ව ඇත. මේක වෙනත් රටකට යැවීම නොවෙයි,අපු දිහවටම යවන්න ඕන. මහාබ්‍රිතාන්‍යයත් මේ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව මාධ්‍යයෙන් දැනගන්නට ලැබුණා.

    මේ ජාවාරමට සම්බන්ධ යට එරෙහිව නීතිමය පියවර ගන්නවා. මේ ආනයනයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව විධිමත් රේගු පරීක්ෂණ පවත්වා හඳුනාගත් වැරදි කරුවන්ට රේගු ආඥා පනත යටතේ විධිවිධානවලට අනුව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත. මේ අයට විරුද්ධව අපරාධ චෝදනා ගේන්න පුළුවන් ද කියලා සොයා බලන්න අපේ නීතිඥවරුන්ට දැනටමත් දන්වා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    Latest News