දරුවන් උසස් අධ්‍යාපනයට පිටරටවලට යැවීමේ දී නියාමනයක් අවශ්‍යයි- ඇමති බන්දුල (වීඩියෝ)

ජන 12, 2020
  • අසර්බයිජානයේ විශ්වවිදායාලයක අධ්‍යාපනය ලබමින් සිටියදි  මියගිය සිසුවියන්ගේ දේහයන් විදේශ කටයුතු අමාත්‍යංශය හා රජයේ වියදමින් දිවයිනට ගෙන්වීමට පියවර ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මියගිය ශ්‍රී ලාංකික සිසුවියන් දෙනෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත ශෝකය පල කිරිමට පිළියන්දල බොකුන්දර නිවසට ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.

    සිසුවියන් දෙදෙනාගේ මෘත දේහයන් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අසර්බයිජාන් රජය හෝ අධ්‍යාපනය ලැබු විශ්වවිද්‍යාලය කිසිදු වියදමක් නොදරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා......

    අපේ රටේ දරුවන් පිටරටවලට යැවීමේදී නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් මේ මරණ වලින් හෙළි වෙනවා. ඒ සඳහා රජයේ අවධානය යොමු කරලා, මේ ආයතන නියමනය කරලා යම් ක්‍රමවේදයකට මැදිහත් වෙන්න ක්‍රියාකරන අතර රජයක් වශයෙන් අප බලාපොරොත්තුවන්නේ අ.පො.ස. උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සියලු දරුවන්ට මේ රට ඇතුළෙම උසස් අධ්‍යාපනය ලබාදීමටයි. ඒ සඳහා අවශ්‍ය ඉඩ ප්‍රස්ථා ලබා දෙමින් ඊට දීර්ඝ කාලීන පිළිතුරු සෙවිමටයි.

     

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 16:31

    Latest News